ට්‍රම්ප්ගේ බලශක්ති සටන් විරාමය රුසියාව උල්ලංඝනය කළ බවට යුක්රේනයෙන් චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ රුසියානු - යුක්රේන බලශක්ති සටන් විරාමය රුසියාව උල්ලංඝනය කර ඇති බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි චෝදනා කර තිබෙන බව Reuters පුවත් සේවය වාර්තා කරනවා.
ඒ, යුක්රේනයේ කාර්කිව් නගරයේ පිහිටි තාප විදුලි බලාගාරයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි.
ඕනෑම එකඟතාවකට රුසියාව අනුගත වන බව සහතික කරන ලෙස සෙලෙන්ස්කි අමෙරිකාවෙන් ඉල්ලා තිබෙනවා.
අමෙරිකාවේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණයට පෙර ඉහළ බලශක්ති මිල සම්බන්ධයෙන් එල්ල වන පීඩනය මධ්‍යයේ, රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයකට එකඟතාවක් ඇති කරගත් බව ට්‍රම්ප් පසුගිය සති අන්තයේ ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම නිවේදනය යුක්රේනයට සහ එහි යුරෝපීය මිත්‍ර රටවලට අනපේක්ෂිත වූ බවයි Reuters පුවත් සේවය වාර්තා කරන්නේ.
එමෙන්ම රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමේ ගිවිසුමක් ද ට්‍රම්ප් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය යුක්රේනයේ විරෝධයට හේතු වී තිබෙනවා.
මේ අතර, රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය අනුමැතිය ලබාදී ඇති බව ද Reuters වාර්තාවේ සඳහන්.
බලශක්ති සටන් විරාමය පිළිබඳ සාකච්ඡා සම්බන්ධයෙන් යුක්රේන ජනතාව තුළ සැකයක් පවතින බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
තවද, රට තුළ සටන් අවසන් වන්නේ නම් මැතිවරණයක් කැඳවීමට සූදානම් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.