ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමන අද දෙවන දිනට කඩුගන්නාවෙන්
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ දෙවන දිනය අදයි.
පා ගමන අද (11) කඩුගන්නාව නගරයෙන් ආරම්භ වී කෑගල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.
එහි පළමු දිනය ඊයේ නිමාවට පත් කළේ කඩුගන්නාව ප්‍රදේශයෙන්.
ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාලිගා මහමළුවේ සිට කොළඹ දක්වා වන පා ගමන ඊයේ ආරම්භ කෙරුණා.
චීවරයට අත නොතබනු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු, යන ඉල්ලීමෙන් පැවැත්වෙන මෙම පා ගමන සදහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේ ද එක්ව සිටි අතර මෙම පාගමන දින 6 ක් පුරා පැවැත්වෙනවා.
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
එවැනි පසුබිමක ''සිවුරට යුක්තිය'' මැයෙන් අධිෂ්ඨාන පූජාවක් මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගා මහමළුවේදී ඊයේ උදෑසන පැවැත්වුණා.
වාරියපොල ශ්‍රී සුමංගල හිමි පිළිරුව අබියස පැවැති මෙම අධිෂ්ඨාන පූජාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා නිදහසේ පාද යාත්‍රා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.
ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ක්‍රියාත්මක මෙම පාගමන ඊයේ දිනට අවසන් කෙරුණේ කඩුගන්නාව නගරයෙන්.
මෙම පා ගමන අද හෙට කෑගල්ලේ සිට වරකාපොළ දක්වාත්, 13 වැනිදා වරකාපොළ සිට නිට්ටඔුව දක්වාත් ගමන් කිරීමට නියමිතයි.
14 වැනිදා නිට්ටඹුවෙන් ගමන් ආරම්භ කරන නිදහසේ පාද යාත්‍රාව එදින සවස කඩවත දක්වා පැමිණෙන අතර 15 වැනිදා එය අවසන් වන්නේ කොළඹ නගරයෙන්.