මැණික් සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකුට බලපෑමකින් තොරව මැණික් ව්‍යාපාරය කරගෙන යෑම සඳහා අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
මෙම සැකකරු ඔහුගේ බිරිද සහ පුද්ගලික ලේකම් සමග එක්ව අයථා ලෙස වත්කම් උපයා ඇති බවත්, ඇල්ල ප්‍රදේශයේ බිරිඳගේ නමින් රුපියල් කෝටි 8ක් වටිනා ඉඩමක් ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
මෙහිදි අල්ලස් කොමිසම අධිකරණයට මෙසේ කරුණු ඉදිරිපත් කළා.
ස්වාමිනී, මෙම සැකකරුට බදුල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවාස කිහිපයක් තියෙනවා. පුද්ගලයන්ට රුකියා දෙනවා කියලා තමා මෙලෙස මුදල් ලබා ගෙන තිබෙන්නේ. මැණික් හා ස්වාර්ණභරණ අධිකාරියේ සභාපති සමග එක්ව තමා මේ වංචාවකර තිබෙන්නේ. මෙම සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් කළා.
ඒ අනුව පුද්ගලික ලේකම්ගේ ගිණුම්වලට මුදල් දැම්ම බවට අනාවරණය වෙනවා. ඒනිසා 2017/7/31 - 2025/11 දක්වා සියලු ගිණුම් පරීක්ෂා කළා. එම ගිණුම් තුළ මිලියන 23කට අධික මුදලක් තැන්පත් කරලා තියෙනවා. ස්වාමිනී. කවුද තැන්පත්කරුවන් කියලා විමර්ශනය කළා. ඒ විමර්ශනවලදී මැණික් ව්‍යාපාරිකයන් බවයි අනාවරණය වුණේ. එම පුද්ගලයන්ගේ ප්‍රකාශ අනුව මෙම සැකකරු ඉල්ලු බවයි සදහන් වන්නේ.

පුන්සිරි ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන පුන්සිරි තෙන්නකෝන් යන අයගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 05ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනිම, සුභාෂ් ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන සුභාෂ් කරුණාරත්න යන අයගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනිම සහ ප්‍රියන්ත ජෙම්ස් ආයතනයේ අයිතිකරු වන ප්‍රියන්ත සරත් සිල්වා යන අයගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනිම මෙම සැකකරුට එරෙහි චෝදනා වනවා.