ලොවට විසඳුම් සපයන්නන් වීමට සිහින දකින්න - අගමැති මෝදිගෙන් ඉන්දියානු සිසුන්ට ඇරයුමක්
ඉන්දියාව සහ ලෝකය හමුවේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට තරුණ පරපුරට විශාල හැකියාවක් පවතින බැවින්, බියෙන් තොරව විශාල සිහින දකින ලෙසත්, වෙනස් ලෙස සිතමින් සිය අදහස් හඹා යන ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
පාසලක පැවැති උත්සවයක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ, 2047 වසර වන විට 'සංවර්ධිත ඉන්දියාවක්' ගොඩනැගීමේ ඉලක්කයට දායක වන ලෙසයි.
එහිදී අගමැතිවරයා සඳහන් කළේ, ලෝකය අද සොයන්නේ අභියෝගවලට විසඳුම් සපයන්නන් බැවින් එම විසඳුම් ලබාදීමේ හැකියාව සහ බලය තරුණ ශිෂ්‍ය ප්‍රජාව සතු බවයි.
තමන් සතු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ද ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටි අතර, ඉන්දියාවේ දීප්තිමත් අනාගතයේ විශාලතම වීරයන් තරුණ පරපුර බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා 2047 වන විට සංවර්ධිත සහ ස්වයංපෝෂිත ඉන්දියාවක් ගොඩනැගීමටත්, රට ලොව ඉහළම ආර්ථිකයන් 3 අතරට ගෙන ඒමටත්, ගෝලීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් සිසුන් සමඟ ප්‍රතිඥා දෙනු ලැබුවා.
එමෙන්ම ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය දැක්වීම සහ ඉන්දියානුවෙකු චන්ද්‍රයා වෙත යැවීමද එම ඉලක්ක අතර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
2014 වසරේදී භාරතීය ජනතා පක්ෂය බලයට පත්වූ තැන් සිට අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුවූ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කළේ, රටේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 750 සිට 1,300 කට වඩා වැඩි වී ඇති අතර, උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 38,000 සිට 52,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
IIT, IIM, IIIT සහ AIIMS වැනි උසස් අධ්‍යාපන ආයතනවල වර්ධනය පෙන්වා දුන් ඔහු, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහෝපකාරී වන බවද පැවසුවා.
මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්රය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීම සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටින බවයි.
මූලාශ්‍රය - indian express