නවතම

ශ්‍රීලංකන් දම්මාම් ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි


 

සෞදි අරාබියේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් දම්මාම් සහ කොළඹ අතර ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් කරන ගුවන් සේවය, වාණිජ ගුවන් ගමන් සඳහා පවතින තත්ත්වය සුදුසු බවට තහවුරු වූ පසු සේවා නැවත ආරම්භ කරන බව පවසයි.

වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 අංකය ඔස්සේත්, ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 ඔස්සේත් ගුවන් සේවය සම්බන්ධ කරගත හැකිය.

WhatsApp හරහා කෙටි පණිවිඩ යැවීම සඳහා +94 74 444 1979 අංකය භාවිත කළ හැකිය. මගීන්ට තම සංචාරක නියෝජිතයා අමතන ලෙස හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී තිබේ.