ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට හෙට සිට Online Appoinment එකක් අනිවාර්ය යි!
එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව, අදාළ සේවාවන් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතුයි.