iPhone Duo "Crackgate" අර්බුදය ගැන ඇපල් වෙතින් පිළිතුරු!
ඇපල් (Apple) සමාගම විසින් අලුතින් වෙළඳපොළට නිකුත් කරන ලද ඇමෙරිකානු ඩොලර් 2,000ක් වටිනා නවතම iPhone Duo (නැමිය හැකි / Foldable iPhone) දුරකථනය මිලදී ගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් එහි තිරය (screen) බිඳී යන බවට පරිශීලකයින් රැසක් චෝදනා කරති. ඇතැම් පරිශීලකයන්ගේ දුරකථන බිඳී ගොස් ඇත්තේ එහි මූලික සැකසුම් (setup) පවා අවසන් කිරීමටත් පෙරය.ඇපල් සමාගමේ ප්‍රථම Foldable දුරකථනය වන iPhone Duo හි ඉහළම සංස්කරණය ඩොලර් 3,199ක් දක්වා ඉහළ යයි. මෙහි තිරය නැමෙන සන්ධිය (hinge) සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලුවක් නිසා තිරය හරහා සුදු පැහැති රේඛාවක් මතුවන බව වාර්තා වේ.
පසුගිය මස ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වැඩ භාරගත් ජෝන් ටර්නස් (John Ternus) විසින් මෙම නව iPhone මාදිලිය එළිදක්වන ලදී. ඔක්තෝබර් 16 වනදා පෙවරු ආරම්භ වූ පූර්ව ඇණවුම් (preorders) මිනිත්තු කිහිපයක් ඇතුළත විකිණී අවසන් වූ අතර, නව ඇණවුම් සඳහා ජනවාරි අග දක්වා බලා සිටීමට සිදුවන බව CBS News වාර්තා කළේය.
ඔක්තෝබර් 23 වනදා iPhone Duo නිල වශයෙන් වෙළඳපොළට නිකුත් වූ අතර, ලොව පුරා ඇපල් පාරිභෝගිකයෝ එය මිලදී ගැනීමට පෝලිම් ගැසුණහ. කෙසේ වෙතත්, මෙම ජනප්‍රියතාවත් සමඟම තිරයේ ඇති වූ මෙම දෝෂය “Crackgate” ලෙසින් සමාජ මාධ්‍ය පුරා ආන්දෝලනයක් ඇති කර තිබේ.
බොහෝ පරිශීලකයන් පැවසුවේ දුරකථනය මිලදී ගෙන දිනකටත් අඩු කාලයකදී ඇතුළතින් "කරස්" ගා ශබ්දයක් ඇසුණු බවත්, ඉන්පසු තිරයේ දෝෂය හටගත් බවත්ය. එක් අයෙකුට මෙම ගැටලුව මතු වී ඇත්තේ වෙළඳසැලෙන් මිලදී ගෙන ගෙදර යන අතරතුරදීය.
තවත් පාරිභෝගිකයෙකු පැවසුවේ දුරකථනය සිව් වරක් පමණ නවා ඇති අතර, සැකසුම් සකස් කර අවසන් කිරීමටත් පෙර තිරයේ තද බවක් දැනී සුදු රේඛාව මතුවූ බවයි. ඔහු ඩලස් හි පිහිටි ඇපල් වෙළඳසැලට ගොස් නොමිලේම අලුත් දුරකථනයක් ලබා ගැනීමට සමත්ව ඇත.
"අද දින ඔවුන් සෘජුවම දුටු පළමු අවස්ථාව මෙය බව ඇපල් සේවකයින් පැවසුවා. ඒ නිසා මෙය හැමෝටම වෙන එකක් නෙවෙයි වෙන්න ඇති," යැයි එම පරිශීලකයා Reddit හි සටහන් කර තිබුණි.
ඇපල් සමාගමේ ප්‍රතිචාරය
මෙම තිරයේ දෝෂය සම්බන්ධයෙන් ඇපල් සමාගම මේ සතිය මුලදී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම ගැටලුව බලපා ඇත්තේ "ඉතා කුඩා පිරිසකට" පමණක් බවයි. ජපානය, චීනය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක පරිශීලකයන්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවී ඇත. මෙවැනි ගැටලුවලට මුහුණ දෙන ඕනෑම අයෙකුට නව උපකරණයක් ලබා ගැනීමට ඇපල් ආයතනය හා සම්බන්ධ වන ලෙස සමාගම පවසන අතර, නව දුරකථනයක් ලබා ගැනීමේ හැකියාව පිහිටි ස්ථානය අනුව වෙනස් වේ.ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයෙකු පැවසුවේ දුරකථනය ලබාගෙන පැය 24ක් යන්නට මත්තෙන් තිරය ක්‍රියා විරහිත වීමෙන් තමන් දැඩි ලෙස කනගාටුවට පත්වූ අතර, ඇපල් වෙළඳසැලට ගියද වෙනත් ලබා දීමට දුරකථන නොතිබූ බවයි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේම තවත් අයෙකුට වෙළඳසැලෙන්ම නව දුරකථනයක් මාරු කර ගැනීමට හැකිවී තිබේ.
iPhone Duo හි තාක්ෂණික සමාලෝචනය
තාක්ෂණික සමාලෝචකයන්ට (Tech reviewers) අනුව, පළමු පරම්පරාවේ (first-generation) බොහෝ නිෂ්පාදනවල මෙන්ම iPhone Duo හි ද තවදුරටත් හැදිය යුතු අඩුපාඩු තිබේ. තිරයේ දෝෂයට අමතරව, බොහෝ ඇප්ස් (apps) තවමත් දර්ශනය වන්නේ Duo හි විශාල තිරයට ගැලපෙන පරිදි නොව සාමාන්‍ය ෆෝන් එකක හැඩයටය.කෙසේ වෙතත්, ප්‍රකට තාක්ෂණික සමාලෝචකයෙකු වන Marques Brownlee, iPhone Duo හි එකවර ඇප්ස් දෙකක් තිරය මත ධාවනය කිරීමේ හැකියාව සහ එහි සන්ධියේ (hinge) ශක්තිමත්භාවය අගය කර තිබේ.
උපාංග ගලවා පරීක්ෂා කරන iFixit ආයතනය, Duo හි මෝස්තරය නිසා එය "වඩාත්ම අලුත්වැඩියා කළ හැකි" (most repairable) එකක් ලෙස වර්ගීකරණය කර ඇත. නමුත් ඇපල් වගකීම් සහතිකය (warranty) යටතට නොවැටෙන තිරයේ දෝෂයක් වෙනුවෙන් ඩොලර් 999ක මුදලක් වැය වන බව ද ඔවුහු පෙන්වා දෙති. තිරයේ ගැටලුව හැරුණු විට, අනෙකුත් කල්පැවැත්ම පරීක්ෂණවලදී (durability tests) දුරකථනය ශක්තිමත් බව තහවුරු විය.
ඇමෙරිකාවේ ප්‍රථම Foldable ස්මාර්ට්ෆෝන් එක ලෙස 2019 දී පැමිණි Galaxy Fold හි ද මුලදී තිරයේ ගැටලු මතුවූ අතර, එමගින් එහි නිකුතුව ද ප්‍රමාද විය. පසුගිය අගෝස්තු මාසයේදී වෙළඳපොළට පැමිණි Galaxy හි නවතම Z Fold 8 මාදිලියේ ද විවිධ දෝෂ වාර්තා වී තිබුණි.
