නවතම

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් අධිකරණ නියෝගයේ වෙනසක් නැහැ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳීසිටීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය වෙනස් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (22) දිනයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල භික්ෂූන් වහන්සේලාට රැඳී සිටීම වළක්වාලමින් දැනට නිකුත් කර තිබෙන නියෝගය වෙනස් කර උන්වහන්සේලාට එහි රැඳී සිටීමට හැකිවන පරිදි අවසරයක් ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කළේ.