ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
වෙළඳපොළේ පවතින ලිට්රෝ ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පවසනවා.
මේ අතර, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ (16) මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට බෙදාහැර ඇති බව සභාපතිවරයා සඳහන් කළා.
අද (17) දිනයේදී ද කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, හෙට දිනයේදී තවත් ගෑස් සිලින්ඩර 85,000ක් බෙදාහැරීමට නියමිතයි.
එමෙන්ම, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ද සමාගමේ සභාපතිවරයා ප්රකාශ කළා.
මේ අතර, ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය සඳහන් කළේ මේ මස 20 සහ 24 යන දිනවලදී ගෑස් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිත බවයි.
ඒ අනුව, මෙට්රික් ටොන් 3,800ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායටත්, මෙට්රික් ටොන් 3,500ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායටත් පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.