කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පශු වෛද්‍ය නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
එමෙන්ම, හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස මීගලෑව වනජීවී පරාසයේ වන නිලධාරියාට ද අධිකරණය නියෝග කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
