නවතම

විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි

ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි බල කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් මෙම සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමග අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.