නවතම

චීනය - උතුරු කොරියාව යා කරන නව පාලම අද විවෘත වෙයි


 

චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව පාලම අද වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි.


දෙරට අතර වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් චීනය මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2014 වසරේදීයි.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ජගත් සංවිධානය පනවා තිබූ සම්බාධක දැඩි කිරීමට චීනය සහාය දැක්වීමත් සමග දෙරට අතර සබඳතා පළුදු වී ගොස් තිබුණා.

ඒ හේතුවෙන් පාලමේ ඉදිකිරීම් කටයුතු වසර ගණනාවක් අතහැර දමා තිබූ අතර පසුව එහි වැඩකටයුතු යළි ආරම්භ කරනු ලැබුවා.

කිලෝමීටර් තුනකට ආසන්න දිගකින් සහ මංතීරු හතරකින් සමන්විත මෙම පාලම, චීනයේ ඩැන්ඩොං නගරය සහ උතුරු කොරියාවේ සිනුයිජු නගරය යා කරමින් ඉදිකර තිබෙනවා.