දිස්ත්රික්ක 3කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් !
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්රික්ක 3ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වනවා.අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශ ලෙස
කෑගල්ල දිස්ත්රික්කය – දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල සහ රුවන්වැල්ල
රත්නපුර දිස්ත්රික්කය – රත්නපුර, කුරුවිට සහ ඇලපාත
නුවරඑළිය දිස්ත්රික්කය – නෝර්වුඩ් සහ අඹගමුව
මෙම ප්රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 24 තුළ අවදානම් සහගත ස්ථාන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.