ළඟදීම ගෑස් නෞකා 03ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි
නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගෑස් සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබා ගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි.
වර්තමාන ගෑස් සැපයුම බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය අවංක කනගාටුව පළ කරන බවත් වසර විසිපහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ LPG වෙළඳපළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස ගෑසැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත් දිගු කාලීන සැපයුම් විශ්වසනීයත්ව ශක්තිමත් කිරීමටත් එම සමාගම අඛණ්ඩව කැප වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.ඒ අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
