නවතම

ඉරානයට චීනයෙන් සහ රුසියාවෙන් සහාය ලැබෙන බව විශ්වාස කරන්නේ නැහැ - ට්‍රම්ප්


 

චීනය සහ රුසියාව ඉරානයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන බව තමන් විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.


සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයට සහාය ලබාදීමෙන් මොස්කව් සහ බීජිං නගරවලට අහිමි වීමට බොහෝ දේ ඇති බවයි.

කෙසේ වෙතත්, එම රටවල් ඉරානයට සහාය ලබාදෙන්නේ නම් එය ඉතා සීමිත මට්ටමකින් සිදුවනවා විය හැකි බව ද ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි සහායක් ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව අමෙරිකාවට ඉතා ඉක්මනින් දැනගත හැකි බව ද ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.