උමා ඔයේ ජල පෝෂක ප්රදේශවලට අධික වැසි – පහත්බිම්වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමක්
උමා ඔය පෝෂක ප්රදේශ වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැලිමඩ දරගල සිට උමා ඔය ජලාශය දක්වා කොටස පරිහරනයේදී වඩාත් සැලකිලිමත්වන මෙන් ආපදා කළමනාකරණ ඒකකය උමා ඔය අවට පදිංචි කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ දින වල දහවල් කාලයේ සහ රාත්රී කාලයේදී උමා ඔය ජල පෝෂක ප්රදේශයන්ට වැසි ඇද හැලෙන බැවින් උමා ඔයේ ජල මට්ටමද විටින් විට ඉහල යාමේ අවදානමක්ද පවතින බවයි ඔවුන් ජනතාවට දැනුම් දී තිබෙන්නේ.
එබැවින් උමා ඔය පරිහරනයේදී ඉතාම විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි වැලිමඩ ආපදා කළමණාකරණ නිළධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.