බයිනෑන්ස් (Binance) ගිණුමෙන් ඩොලර් බිලියන 6.3ක දැවැන්ත සයිබර් සොරකමක්: ලොව පුරා ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන ආරක්ෂාව තර කරයි!
ලොව විශාලතම ක්රිප්ටෝකයන්සි (Cryptocurrency) හුවමාරු මධ්‍යස්ථානය වන Binance හි සිදුවූ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක දැවැන්ත සයිබර් සොරකම හමුවේ, එහි තරඟකාරී අනෙකුත් ප්‍රධාන පද්ධතීන් සිය ආරක්ෂක පද්ධති තර කිරීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් මුදල් ප්‍රධාන මූල්‍ය පද්ධතියට එක් කිරීමට දරන උත්සාහයන් වැඩි වන අතරතුර මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල වීම කර්මාන්තයේ දැඩි අවධානයට ලක්ව ඇත.
මේත් සමඟම Coinbase ආයතනය පැවසුවේ ක්රිප්ටෝකයන්සි යතුරු (keys) ආරක්ෂිතව තබාගන්නා Offline පද්ධතිවල පූර්වාරක්ෂණ සංශෝධනයන් සිදු කළ බවයි. Kraken ආයතනය ද සඳහන් කළේ ක්ෂේත්රයේ ආරක්ෂක ගැටලු අධ්‍යයනය කරමින් සිය පද්ධතිවල ආරක්ෂාව ඉහළ නංවන බවයි.
බ්‍රහස්පතින්දා(Oct 29) සිදු වූ මෙම සයිබර් ප්‍රහාරය නිසා Binance හි මුදල් ආපසු ගැනීමේ (withdrawals) සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ අතර, සිදු වූ අලාභය තමන්ගේම අරමුදල්වලින් පියවන බව සමාගම පැවසීය. මෙම ප්‍රහාරය පිටුපස උතුරු කොරියාව සිටින බවට විශ්ලේෂකයින් සැක පළ කළද, ඒ බව තවම ස්වාධීනව තහවුරු වී නොමැත.Binance හි සහකාර ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ටෙං (Richard Teng) පැවසුවේ, මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ ලැප්ටොප් පරිගණකයක් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් මෙම "සංකීර්ණ ප්‍රහාරය" ආරම්භ වී ඇති බවයි. ඉන් අනතුරුව ප්‍රහාරයේ සලකුණු මකා දැමීමට මෘදුකාංග භාවිත කර තිබීම නිසා පරීක්ෂණ කටයුතු සංකීර්ණ වී තිබේ.
TRM Labs සහ Chainalysis යන ඇමෙරිකානු බ්ලොක්චේන් විශ්ලේෂණ ආයතනවලට අනුව, සොරකමෙන් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළදීය. මෙම ප්‍රහාරයේ ස්වභාවය මීට පෙර උතුරු කොරියානු හැකර්වරුන් එල්ල කළ ප්‍රහාරවලට සමානකමක් දක්වයි.
ඇමෙරිකානු රජයේ අවධානය සහ ක්ෂේත්රයේ ප්‍රතිචාරය
"ක්‍රිප්ටෝ ක්ෂේත්රයේ පූර්ණ පැවැත්ම සඳහා මෙවැනි ආරක්ෂක තර්ජනවලට වහාම විසඳුම් සෙවිය යුතුයි," යනුවෙන් Franklin Templeton හි ක්‍රිප්ටෝ ප්‍රධානී ක්‍රිස් පර්කින්ස් පැවසීය.
මෙම අර්බුදය හමුවේ වුවද Binance සමාගමට මෙම පාඩුව දරාගැනීමට තරම් මූල්‍ය ශක්තියක් පවතින බව විධායක නිලධාරීන් විශ්වාසය පළ කරයි. කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා දිනයේදී Bitcoin මිල 4%කින් සහ Ether මිල 5%කින් පහත වැටුණු අතර සිකුරාදා වන විට එම තත්ත්වය යම් තරමකට යථා තත්ත්වයට පත් විය.
ප්‍රහාරය සිදුවූ ආකාරය සහ මුදල් Freeze කිරීම
සොරකම් කරන ලද ක්‍රිප්ටෝ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම වැළැක්වීමට ආයතන කිහිපයක්ම පියවර ගෙන තිබේ. Tether සහ Circle යන ස්ටේබල්කොයින් (Stablecoin) සමාගම් විසින් මෙම සිදුවීමට අදාළව පිළිවෙලින් ඩොලර් බිලියන 1.57ක සහ ඩොලර් මිලියන 800ක ආසන්න අසෙට් ප්‍රමාණයක් අත්හිටුවීමට (Freeze කිරීමට) සමත් විය. කෙසේ වෙතත්, Bitcoin සහ Ether මධ්‍යම ආයතනයක් මගින් පාලනය නොවන බැවින් එකම ආයතනයකට ඒවා Freeze කිරීමට හැකියාවක් නොමැත.
Chainalysis ආයතනය සඳහන් කළේ හැකර්වරුන් විසින් මීට පෙර දැක නැති ආකාරයේ ඉතා සංකීර්ණ මුදල් විශුද්ධිකරණ (Money-laundering) ක්‍රමවේදයක් භාවිත කර ඇති බවයි.
මෙම සිදුවීමත් සමඟ, සයිබර් ප්‍රහාරයක් සිදුවූ වහාම ඒ පිළිබඳ තොරතුරු එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත්, සොරකම් කරන ලද මුදල් වහාම Freeze කිරීමටත් හැකි වන පරිදි සමස්ත ක්‍රිප්ටෝ ක්ෂේත්රයම එකතු වූ සෘජු තොරතුරු හුවමාරු පද්ධතියක (Real-time alert system) ඇති අවශ්‍යතාවය OKX හි ප්‍රධාන විධායක Star Xu ඇතුළු ක්ෂේත්රයේ ප්‍රධානීහු අවධාරණය කරති.
