සයිනොපෙක් සහ ආර්.එම්.පාර්ක් ඔක්ටේන් 95 මිලත් රුපියල් 20 කින් ඉහළට

සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 475 ක් ලෙස පැවති එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 495 ක් දක්වා ඉහළ යනු ඇති.
මේ අතර, ලංකා අයි.ඕ.සී. සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමටයි කටයුතු කර තිබුණේ.