නවතම

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට, ලකුණු 169ක ඉලක්කයක්

 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අද (13) පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 168 ලබා ගත්තා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු ලකුණු 76ක් රැස් කළා.

ඒ පන්දු 45ක් තුළයි.

Arafat Minhas නොදැවී ලකුණු 34ක් රැස් කළා.

දසුන් ශානක කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර එෂාන් මාලිංග කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 169ක ඉලක්කයක් හිමිවනු ඇති.